පොඩි ලැසීගේ මාමා අත්අඩංගුවට

පොඩි ලැසීගේ මාමා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසී ගේ මාමා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇටිකෙහෙල්ගල්ල, කිරිකිත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

ලද්දු මුදිත පරාක්‍රම ජයසිංහ නැමැති මොහු විදෙස් රටක සැඟව සිටින බවට ඒත්තු ගන්වමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවා ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච් පීරිස් ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක් විසින් ලද බුද්ධි තොරතුරක් මත වැටලීමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 06 ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ද මාමා වේ.

වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

COMMENTS