ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කරන ලෙස නීතිපති දුන් නියෝගය රිවර්ස් වෙයි

ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කරන ලෙස නීතිපති දුන් නියෝගය රිවර්ස් වෙයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, එම නඩුව මැයි 30 වනදා යළි කැඳවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා සිල්වා මහත්මිය නියෝග කර තිබේ.

කෙසේවෙතත් නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (12) නිවේදනය කළේ, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ නඩුවකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳ වූ බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දී තිබුණි.