
අවුරුද්දට ගමේ යන්න විශේෂ බස් රථ සේවාවක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය නිවේදනය කරනවා.
ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ උත්සව කාලය සඳහා ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු අදියර ලබන 9වනදා සිට 13 වෙනිදා ක්‍රියාත්මක කෙරෙනවා.
ලංකා ගමනා ගමන මණ්ඩලය නිවේදනය කළේ එහි දෙවන අදියර ලෙස අවුරුදු අවසන් වීමෙන් පසු ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට අප්‍රේල් මස 16 වනදින සිටි 20 වන දින දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවයි.