ලංගම බස් රථයක් ගිනිගනී

ලංගම බස් රථයක් ගිනිගනී

කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලසිය සඳහන් කළේ, මාදම්පේ සිට ගම්පොළ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි.

එහිදී, ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබී ඇති අතර පසුව කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ ගින්න සමපූර්ණයෙන්ම නිවා දමා තිබේ.

ගින්න හේතුවෙන් බස් රථයට දැඩි හානි සිදුව තිබේ.

Share This