ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 03ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, ⁠නාගොඩ, ⁠යක්කලමුල්ල යන ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ⁠මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රදේශ සඳහාත් මේ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඊයේ (16) දින රාත්‍රි 7.30 සිට අද (17) රාත්‍රී 7.30 දක්වා කාලය සඳහා මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කොට ඇති බවත්, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.