දැරණියගල නායයෑමක් – වාහන ධාවනයටත් බාධා

දැරණියගල නායයෑමක් – වාහන ධාවනයටත් බාධා

දැරණියගල පොලිස් බලප්‍රදේශයේ 112බී පන්දාහා ගම ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා .

දැරණියගල සිට මාලිබොඩ තලාව ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ මීටර් 50ක පමණ දුර ප්‍රමාණයකට හානි වී ඇති බවයි වාර්තා වන්නේ.

කඩා වැටුණු ගල් මාර්ගයේ රැඳී තිබීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

නායයෑමෙන් අසල තිබූ නිවසකට හානි සිදුව ඇති අතර, එම නිවසේ සිටි පුද්ගලයෙක් සුළු තුවාල ලබා මේ වනවිට දැරණියගල රෝහලට ඇතුළත් කර තිබෙනවා .