නේපාලයේ ගංවතුර හා නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 175 ක් දක්වා ඉහළට

නේපාලයේ ගංවතුර හා නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 175 ක් දක්වා ඉහළට

නේපාලයේ ඇතිවූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මීට අමතරව ගංවතර හේතුවෙන් නිවාස වල සිරවී සිටි පුද්ගලයන් 4000ට වැඩි පිරිසක් බේරා ගැනීමට එරට ආරක්ෂක අංශය සමත් වී තිබේ.

අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් එරට ජලවිදුලි බලාගාර හා වැව් රැසකට දැඩි ලෙස හානි සිදුව තිබේ.

මේ වනවිට ඇස්තමේන්තුගත කර ඇති පරිදි සිදුවූ හානිය ඇමරිකා ඩොලර් මිලියන 32.6 කට ආසන්නයි.

ගංවතුර හේතුවෙන් මෙගාවොට් 625.96 ක ඒකාබද්ධ ජනන ධාරිතාවක් සහිත ජලවිදුලි බලාගාර 11 කට හානි සිදුවී ඇති අතර අනෙකුත් බලාගාර වසා දැමීමට සිදුවුණි.

මේ හේතුවෙන් රටෙන් තුනෙන් දෙකකටම විදුලිය ඇණ හිට තිබේ.