මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.
මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාර ධූරය සඳහා බොහෝ දුරට මධ්‍යම පළාත මෙන්ම මහනුවර පිළිබඳව සියලු අංශයන් පිළිබඳව විශේෂ දැණුම සහ අත්දැකීම් සහිත මහනුවර පදිංචි ජ්‍යෙෂ්ඨ දේශපාළනඥයන් දෙදෙනකුගෙන් එක් අයකු පත් කිරීමට ඉඩ ඇති බව දේශපාළන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස නම් යෝජනා වී ඇති දෙදෙනාම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතීඥයන්ද වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.