මගේ එක හොයන්න කියන්නකෝ, “ලාල් කාන්ත” එච්චරයි වෙන මුකුත් නැහැ

මගේ එක හොයන්න කියන්නකෝ, “ලාල් කාන්ත” එච්චරයි වෙන මුකුත් නැහැ

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සමාජයට අවශ්‍ය දෙයක් නම් එය කළ යුතු බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පක්ෂ දෙකක් විසින් යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් විමසූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

ගැටලුව ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නම් ඉන් පිළිතුරක් ලැබේ යැයි අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමේ කිසිදු ගැටලුවක් නොවන බව ලාල් කාන්ත මහතා මෙහිදී පවසා සිටියා.

“ ඒක හොඳයි ඉතින්, හොයපුදෙන් , ඒක අවශ්‍ය දෙයක් නම් සමාජයට ඕන දෙයක් නම් ඒක නම් ප්‍රශ්නේ ඒකෙන් නම් උත්තරේ එන්නේ හෙව්වට කිසි ප්‍රශ්නයක් නැහැ.

මේක පැතිරිච්ච සමාජයක් නේ දැන්. විවිධ අය ඉන්නවා, විවිධ අයට විවිධ ඕන කම් තියෙනවා , මගේ එක හොයන්න කියන්නකො පුළුවන්නම්, ලාල් කාන්ත එච්චරයි. මුකුත් නැහැ වෙන.”

ජාතික ජන බලවේගය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.