දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 02 වන සිකුරාදා
රාහු කාලය
10:43 am – 12:16 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන
මේෂ
ක්‍රියාකාරකම් බහුල වෙයි. අතපසුවීම්වලට හේතුයි. කලක්රියාවන් අන් අයගේ විවේචනයට ලක්වන බැවින් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. අමතර ලාභ ලබයි. ශිරෝ රෝග සෙම් රෝග මතු වේ.
වෘෂභ
තරමක් ගමන් බිමන් බහුල වෙයි. අවිවේකය තම සැලසුම් බාධා වෙයි. ව්‍යාපාරවල ද තරමක දියුණුව දැකිය හැක. තම සමීපතමයෝ නිසා වැය පස ඉහළ යයි. අමතර ලාභ ලබයි. ප්‍රමේහ රෝග වාත රෝග මතුවේවි.
මිථුන
දුර ගමන් විදෙස් ගමන් වැනි දේවල්වලට හේතුයි. තම ඥාතින් හෝ හිතවතුන්ගෙන් උදව් උපකාර ද ලබයි. සම්මුඛ පරීක්ෂණ, සාකච්ඡා ආදියෙන් ජය ලබන අතර අමතර ලාභ ලබයි. කැඩුම් බිඳුම් වැනි දේවලට හේතුයි.
කටක
ක්‍රියාකාරකම් බහුල දිනකි. තම ව්‍යාපාර වල ද පැවැති බාධා ඉවත් වෙයි. පොළවෙන් ලබන වස්තු ලාභ දෙයි. උත්සව සාද වැනි දේවලට හේතුයි. සතුරන් මැඩගෙන ඉදිරියට යෑමේ ශක්තිය ඇති වේ. සෙම් කෝප රෝග මතු වේ.
සිංහ
ශුභා ශුභ ඵල දෙයි. රැකියා ස්ථානවල අස්ථාන ගත චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වන අතර තම ඥාති මිත්‍රාදීන් සුහදතා ක්‍රියාවන්හි යෙදේ. අක්ෂි රෝග කිරණ රෝග මතු කෙරේ. දහමට ලැදිව ක්‍රියා කරන දිනකි.
කන්‍යා
ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. හදිසි ධන වාසනා ලබන දිනකි. සිරස ගත රෝග ද මතු කරන දිනකි. රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි.
තුලා
සුළුවෙන් හෝ ගමන් බිමන් බහුල වෙයි. අවිවේකී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. යටපත්ව තිබූ ප්‍රේම සබඳතා මතු වෙයි. වැයපස ඉහළයි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතු කරයි. විනෝදය වැනි දේවලට යොමු වේ.
වෘශ්චික
අවිවේකී දිනකි. රාජකාරි ද බහුල වන අතර ගමන් බිමන් යෙදේ. අතපසුවීම්වලට හේතුයි. ඇසුරු කරන්නන් නිසා තරමක් ආවේග ශීලීවෙයි. අමතර ලාභ දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි.
ධනු
කෙටි ගමන් බිමන්වල යෙදේ. තම ව්‍යාපාරවල වෙහෙසව ක්‍රියා කරයි. ප්‍රතිඵල ශුභ දායක වෙයි. තරමක් මිල මුදල් ද වැයවන දිනකි. දහමට ලැදිවෙයි. ආමාශ ගත රෝග මතු කරයි. හදිසි ධන වාසනා එල්ල වන දිනකි.
මකර
අතරමග නතර කළ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති කරයි. විනෝද ජනක ක්‍රියාවන්හි ද යෙදේ. මිල මුදල් අනවශ්‍ය ලෙස වැය වේ. හදිසි රෝග ශල්‍යකර්ම වලට හේතුයි. ප්‍රීති උත්සව යෙදෙන දිනකි.
කුම්භ
ක්‍රියාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නවක මිතුදම් ඇති වෙයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. වාතාධික රෝග සන්ධි රෝග මතු කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි.
මීන
සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. අවිවේකී දිනකි. සුපුරුදු රාජකාරිවල ද යෙදේ. සතුරු බලපෑම් මත මනස චංචල වෙයි. වැය පස ද ඉහළ යයි. සිරස ගත රෝගවලට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි.