දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

Qries

මේෂ ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාවනට අමතර ක්‍රියාකාරකම්වල යෙදේ. තරමක් වෙහෙසව කටයුතු කිරීමට සිදුවෙයි. ගමන් බිමන් බහුලයි. උත්සව සාද සංවිධානයට හේතුයි. වැය ඉහළයි. සිරස රෝග, උෂ්ණ රෝග මතුවේ.

Date: 2025-03-20

ජය අංකය: 05

ශුභ වර්ණය: රතු

Qries

වෘෂභ දුර ගමන් යෙදේ. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. යටපත්ව තිබූ සතුරු බලපෑම් නිසා සිත් චංචල වෙයි. කලකිරීම් ඇතිවීමට ඉඩ තිබේ. නමුත් ඍජු ගුණයෙන් ක්‍රියා කළ යුතුයි. සන්ධි ප්‍රදාහ රෝග ද මතුකරයි.

Date: 2025-03-20

ජය අංකය: 02

ශුභ වර්ණය: ළා කොළ

Qries

මිථුන තරමක් අවිවේකී දිනකි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. වෙහෙසකාරී තත්ත්ව උදා කරයි. නව නිර්මාණ ඇරඹීමට හොඳයි. ඉඩකඩම් ලාභ ලබයි. සෙම් බහුල රෝග, උෂ්ණ රෝග මතුවේ.

Date: 2025-03-20

ජය අංකය: 06

ශුභ වර්ණය: රන්වන්

Qries

කටක රාජකාරි ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි. තරමක් වෙහෙසකාරීව ක්‍රියා කරන දිනකි. තම අරමුණු බොහෝකොට ජයගනී. පොදු වැඩ, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. මුත්‍රා රෝග, ආසාදන මතුකරයි.

Date: 2025-03-20

ජය අංකය: 04

ශුභ වර්ණය: රෝස

Qries

සිංහ සැලසුම්සහගතව උනන්දුවෙන් රාජකාරිවල නිරත වෙයි. තමුන් යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වීමෙන් තරමක් සිත් චංචල කරවයි. නමුත් ඍජු ගුණයෙහි පිහිටා ක්‍රියා කළ යුතු දිනකි. ඉවසීමෙන් ජයගත හැක. සෙම්කෝප රෝග ද මතුවේ.

Date: 2025-03-20

ජය අංකය: 01

ශුභ වර්ණය: තැඹිලි

Qries

කන්‍යා තරමක් ශුභවාදී ඵල දෙයි. රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. තනතුරු ලාභ වැනි දේට හේතුයි. යම් යම් සුළු සුළු ලාභ ලැබීම් ද ඇති වෙයි. නව වැඩකටයුතු ඇරඹීමට ශුභයි. හදිසි ලාභ ද දෙයි. පාදවල ආබාධ මතුකරයි.

Date: 2025-03-20

ජය අංකය: 03

ශුභ වර්ණය: කොළ

Qries

තුලා රැකියාවේ තරමක දියුණුවකට හේතු කරුණු යෙදේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ජය ගෙනදෙයි. විදෙස් රැකියා බලාපොරොත්තුවූවන්ගේ අදහස් සඵල වෙයි. සතුරු බලපෑම් දමනය වෙයි. තරමක් වැයපස ඉහළයි. අක්‍ෂි රෝග මතුකරයි.

Date: 2025-03-20

ජය අංකය: 07

ශුභ වර්ණය: සුදු

Qries

වෘශ්චික ක්‍රියාශීලී දිනකි. තම පවුලේ වැඩකටයුතුවල අඩුපාඩු සිදු වුවත් ඒවා අර්බුදයකින් තොරව විසඳා ගත හැකි වෙයි. අත්‍යවශ්‍ය ගමන් බිමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත වැයපස ඉහළ යයි. මුලාර්ශස් රෝග මතුවේ.

Date: 2025-03-20

ජය අංකය: 09

ශුභ වර්ණය: ක්‍රීම් පැහැය

Qries

ධනු ක්‍රියාශීලී දිනකි. ආගමික පුද පූජා වතාවත් ගරු කරන අතර තම ඥාතීන් ද දහමට යොමුකරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් මිල මුදල් වැයවන අතර හදිසි ලාභ ද සුළුවෙන් හෝ ලබයි. සෙම් බහුල රෝග මතුකරයි.

Date: 2025-03-20

ජය අංකය: 01

ශුභ වර්ණය: තැඹිලි

Qries

මකර ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙන අතර ප්‍රීති උත්සව, සාද වැනි දේවලට හේතුයි. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියාවන් ආදියෙහි යෙදේ. ආගමික වතාවත්වල ද යෙදේ. අමතර ලාභ ලබයි. ආමාශගත රෝග, බඩවැල් රෝග මතුවේ.

Date: 2025-03-20

ජය අංකය: 08

ශුභ වර්ණය: නිල්

Qries

කුම්භ ගමන් බිමන් බහුල වේ. ආගමික කටයුතුවලට මුල් තැන දී ක්‍රියාකරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. තෘප්තිමත්ව ක්‍රියාකරන දිනකි. හදිසි ලාභ ද ලබයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2025-03-20

ජය අංකය: 05

ශුභ වර්ණය: දම්

Qries

මීන වන්දනා ගමන් වැනි දේ යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියාකරයි. විනෝදජනක ක්‍රියාවන්වල ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. හදිසි රෝග, කැපුම් කෙටුම් යෙදේ.

Date: 2025-03-20

ජය අංකය: 09

ශුභ වර්ණය: කහ

COMMENTS