දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 14 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 14 වන සිකුරාදා

රාහු කාලය
10:36 am – 12:11 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල ගෙනෙන අතර දුර ගමන් ද යෙදේ. රාජකාරි ස්ථානවල අමතර ක්‍රියාකාරකම් යෙදෙන අතර අවිවේකී බවක් ද මතුකරයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යොමුවන දිනකි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතුකරයි.

Date: 2024-06-14
ජය අංකය: 09
ශුභ වර්ණය: රතු

Qries

වෘෂභ

ගමන් බිමන් බහුල දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු කරයි. තරමක් මනසට වද දෙන ප්‍රශ්න මතුකරයි. ප්‍රීතිසාද යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. අමතර ලාභ ලැබීම ද ඇතිවේ. බඩවැල් ආශ්‍රිත රෝග භගන්දරා වැනි රෝග මතුවේ.

Date: 2024-06-14
ජය අංකය: 07

ශුභ වර්ණය: ලා නිල්
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුලයි. සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර රාජකාරි ද බහුල දිනකි. ප්‍රේම සබඳතා ඇතිවෙයි. ලිපි ලේඛනවලින් ජය දෙයි. තනතුරු ලාභ ලැබීම්වලට ද හේතුයි. රක්ත වාත රෝග මතු කරයි.

Date: 2024-06-14
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරකම් බහුලයි. පොදු සේවාවන්හි මුල්වී කටයුතු කරයි. අගැයීම්වලට ලක්වෙයි. දානමානාදි ක්‍රියාවන්හි යෙදෙන අතර විනෝදාත්මක ක්‍රියාවන්හි ද යෙදේ. ශිරෝ රෝග උදරාබාධ මතුකරයි.

Date: 2024-06-14
ජය අංකය: 04

ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවන දිනකි. තරමක් ආවේගශීලී ගති මතුකරයි. කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපසද නොහිතන තරමට වැයවෙයි. හදිසි ලාභ ලබයි. සන්ධිගත රෝග ද මතු කරයි.

Date: 2024-06-14
ජය අංකය: 01

ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතුකරන අතර තම අරමුණු තරමක් දුරට ජයගනී. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. තම සුපුරුදු ක්‍රියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. සෙම් කෝප රෝග ද මතුවේ.

Date: 2024-06-14
ජය අංකය: 02

ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභා ශුභ ඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන නමුත් ප්‍රවේශම මැනවි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලට යොමුවෙයි. උදරාබාධ, මූලවාත රෝග මතුවේ.

Date: 2024-06-14
ජය අංකය: 07

ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභා ශුභ ඵලදෙයි. තරමක් ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් දමනය වෙයි. සමාජ සද්කාරවල යෙදේ. වැයපස ඉහළ යයි. සිරසගත රෝග මතුවේ.

Date: 2024-06-14
ජය අංකය: 08

ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභා ශුභ ඵල මතුකරයි. නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. පැවති සෙම් රෝග වර්ධනයට හේතුයි.

Date: 2024-06-14
ජය අංකය: 05

ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

ශුභා ශුභඵල මතු කරයි. තරමක් ආත්මාර්ථකාමී ගති ඉස්මතු වෙයි. තම ළඟම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. නවක මිතුදම් ඇතිවන දිනකි. පාදවල පැවති රෝග තවදුරටත් වර්ධනය වෙයි.

Date: 2024-06-14
ජය අංකය: 08

ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵලදෙයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. යටපත්ව තිබූ ණය ගනුදෙනුවක් තමනට වාසි ලෙස විසඳේ. ව්‍යාපාරවලින් ජය දෙයි. කොන්දේ වාත කටීවාත වැනි රෝගවලට හේතුයි.

Date: 2024-06-14
ජය අංකය: 01

ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. කෙටි ගමන් බිමන් වැනි දේට ශුභයි. තම වෙළහෙළඳාම් වලින් ජය දෙයි. රාජකාරිවලදී පුරුදු ලෙස යුතුකම් ඉටුකරයි. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙයි. මූල රෝග වැනි රෝගවලට හේතුයි.

Date: 2024-06-14
ජය අංකය: 03

ශුභ වර්ණය: තැඹිලි

Share This