දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 07 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 07 වන සඳුදා

රාහු කාලය
7:36 am – 9:10 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාවන්ගෙන් වෙන්වී ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව සුහදතා දන ක්‍රියාවන්හි යෙදේ. විනෝද ජනක ක්‍රියාවන් දියත් කරයි. වැයපස ඉහළ යයි. සෙම් කෝප රෝග ද මතු කරයි.

Date: 2023-08-05

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුලයි. තම අවශ්‍යතා මෙන්ම අන් අයගේ අවශ්‍යතා මත ද ක්‍රියා කිරීමට සිදු වෙයි. තරමක් වෙහෙසකාරී ගති මතු කරයි. දහමට ලැදිව ද ක්‍රියා කරන දිනකි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතු වේ.

Date: 2023-08-05

ජය අංකය: 03
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික උත්සව, පුද පූජා වැනි දේ සංවිධානයට හේතුයි. වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවලට ද හේතුයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට හේතු යෙදේ. අම්ල පිත්ත රෝග මතු කරයි.

Date: 2023-08-05

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ක්‍රියාශිලි දිනකි. ගමන් බිමන් බහුල වෙයි. අවිවේකී බවත් ඇති වෙයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතාව වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තැන්පත් ධනය තරමක් වැය වන දිනකි. සිරසගත රෝග වර්ධනය වෙයි.

Date: 2023-08-05

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

කාර්යබහුල වෙයි. නමුත් පොදු වැඩ, සමාජ සත්කාර නොපිරිහෙලා ඉටු කරයි. ආගමික වතාවත් ගරු කරන අතර තම ඥාති, මිත්‍රාදීන් ඒකරාශීව, ආගමික උත්සවවලට සහභාගි වෙයි. මෞත්‍ර ලිංගික පද්ධිතයේ රෝගවලට හේතුයි.

Date: 2023-08-05

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභවාදී ඵල ගෙන දෙයි. සමාජ සත්කාර, පොදු සේවා කටයුතු ආදියට සම්බන්ධව ක්‍රියා කිරීමට සිදුවන අතර ආගමික පුද පූජා උත්සව යනාදී දේවලට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. හදිසි ලාභ ගෙන දෙයි. සෙම් බහුල වී රෝග මතු වෙයි.

Date: 2023-08-05

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරන අතර, පොදු සේවා, සමාජ සත්කාරවල යෙදේ. ආගමට දහමට මුල්තැනදී ක්‍රියා කරයි. සුහදතා වර්ධනය ක්‍රියාවන්හි ද යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග මතු කරයි.

Date: 2023-08-05

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ක්‍රියාශීලී දිනකි. දහමට අවතීර්ණ වෙයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි මුල් වෙයි. තම ඥාතීන් ද දහම යොමු කරවයි. ආගමික ගමන් යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවලට ද යොමු වන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම් රෝග සාදයි.

Date: 2023-08-05

ජය අංකය: 03
ශුභ වර්ණය: ළා රතු
Qries

ධනු

සුපුරුදු රාජකාරිවලින් ඉවත්ව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ක්‍රියාවන්හි යෙදේ. පුද පූජා ක්‍රියා සංවිධානයට ද හේතුයි. තම නිවස සුළුවෙන් හෝ උත්සව ක්‍රියාවන් ඇති කරයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. හදිසි රෝග මතු වෙයි.

Date: 2023-08-05

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

ප්‍රබෝධයෙන් දවස ගෙවයි. දානමානාදී ක්‍රියාවන්වල යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. තරමක් හිතුවක්කාර ගති ඉස්මතු වෙයි. අමතර ලාභ ද දෙයි. ආමාශගත රෝග සාදයි.

Date: 2023-08-05

ජය අංකය: 08
ශුභ වර්ණය: දම්
Qries

කුම්භ

තරමක් ක්‍රියාශීලී දිනකි. අතරමඟ නතර කළ ක්‍රියා ඉදිරියට කරගෙන යයි. ප්‍රීති උත්සව වැනි දේවල් සංවිධානය හෝ සහභාගිවීම් හෝ යෙදේ. තරමක් මිල මුදල් අධිකව වැය වන දිනකි. අර්ශස් රෝග මතු කරයි.

Date: 2023-08-05

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

විනෝදකාමීව ක්‍රියා කරයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස උත්සව ශ්‍රියාවන් මතු කරයි. ඥාති මිත්‍රාදීන් අතර ප්‍රසාදයට පත් වෙයි. තම තත්ත්වයේ උසස් වීමට ද හේතුයි. සෙම් බහුල රෝග මතු කරයි.

Date: 2023-08-05

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි

 

Share This