දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 21 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 21 වන සිකුරාදා

Qries

මේෂ ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. තරමක් ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන් යෙදේ. විනෝදජනක ක්‍රියා ආදියෙහි යෙදේ. මහජන ප්‍රසාදය දිනයි. ආගමික පුද පූජා වැනි දේ යෙදේ. සිරසගත රෝග ද මතු කරයි.

Date: 2025-03-21

ජය අංකය: 03

ශුභ වර්ණය: රතු

Qries

වෘෂභ ක්‍රියාශීලී දිනකි. ගමන් බිමන් බහුලයි. ප්‍රීති උත්සව සාද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. පොදු සේවා සමාජ සද්කාර ක්‍රියා යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැය ඉහළ යයි. සෙම් කෝප රෝග මතුකරයි.

Date: 2025-03-21

ජය අංකය: 02

ශුභ වර්ණය: සුදු

Qries

මිථුන ක්‍රියාශීලී දිනකි. ගමන් බිමන් බහුලයි. උත්සව සාද යෙදේ. අලංකාරය සඳහා වැය ඉහළයි. තම අරමුණ ද තරමක් ජය ගනී. නවක සබඳතා ප්‍රේම සබඳතා ඇති වෙයි. ආසාදන රෝග අසාත්මිකතා වර්ධනය වෙයි.

Date: 2025-03-21

ජය අංකය: 03

ශුභ වර්ණය: කොළ

Qries

කටක ක්‍රියාකාරකම් බහුලයි. රාජකාරිවලදී කැපී පෙනේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවක් පෙනේ. ආගමික ක්‍රියාකාරකම්ද උනන්දුවෙන් කරයි. හදිසි ලාබ ලබයි. මුත්‍රා ආසාදන මතුවේ.

Date: 2025-03-21

ජය අංකය: 07

ශුභ වර්ණය: රෝස

Qries

සිංහ ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. තරමක් ආවේගශීලීව ක්‍රියාකරයි. යටපත් වූ සතුරු බලපෑම් යළි ඉස්මතු වෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2025-03-21

ජය අංකය: 01

ශුභ වර්ණය: තැඹිලි

Qries

කන්‍යා ගමන් බිමන් බහුලයි. ප්‍රීති උත්සව මංගල සාද වැනි දේට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. සතුරු බලපෑම් මත තරමක් ධනයට පීඩාදෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. හදිසි ධන ලාභ ද ගෙන දෙයි. භගන්දර අර්ශස් රෝග මතුවෙයි.

Date: 2025-03-21

ජය අංකය: 02

ශුභ වර්ණය: රන්වන්

Qries

තුලා ශුභා ශුභ මිශ්‍රඵල මතුවෙයි. ප්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදේ. තනතුරු ලාබ ලැබීම්වලට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නවක මිතුදම් වර්ධනය වෙයි. සෙම් රෝගවලට හේතුයි.

Date: 2025-03-21

ජය අංකය: 02

ශුභ වර්ණය: ක්‍රීම්

Qries

වෘශ්චික ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. අලංකාරකරණයට වැයපස ඉහළ යයි. රැකියා ස්ථානවල චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි රෝගබාධ මතුවෙයි. ශල්‍යකර්ම වැනි දේ යෙදේ.

Date: 2025-03-21

ජය අංකය: 04

ශුභ වර්ණය: දුඹුරු

Qries

ධනු නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උපදෙස් උපකාර ද ලබයි. ප්‍රීති උත්සව සාද වැනි දේ යෙදෙන අතර දහමට ලැදිව ක්‍රියා කරයි. ත්‍යාගශීලීයි. කොන්දේ අමාරු මතුවෙයි.

Date: 2025-03-21

ජය අංකය: 09

ශුභ වර්ණය: දම්

Qries

මකර අවිවේකී බවක් ගෙන දෙන දිනකි. ආගමික චාරිත්‍ර ගරු කරන අතර තම ඇසුරින් දුරස්ථ වූවන් ඇසුරට පත්වන ක්‍රියාද යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන් දියත් කරයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2025-03-21

ජය අංකය: 08

ශුභ වර්ණය: නිල්

Qries

කුම්භ ශුභවාදී ඵල මතුකරයි. මංගල්‍යද යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණවගාවන්වල යෙදෙන අතර දානමානාදී පුණ්‍ය ක්‍රියාවන්හි ද යෙදේ. සමාජ සද්කාර ක්‍රියාවන්හිද යෙදේ. වාතාධික රෝග ඉස්මතු වෙයි.

Date: 2025-03-21

ජය අංකය: 05

ශුභ වර්ණය: තද රෝස

Qries

මීන වන්දනා ගමන් බිමන් යෙදේ. දානශීලාදී ගුණධර්මවල යෙදෙන අතර පරෝපකාරව ක්‍රියාකරන දිනකි. මිල මුදල් තරමක් වැයවේ. ආගමික උත්සවවලට සහභාගිවීමේ අවස්ථාද යෙදේ. සෙම් ආසාදන රෝග මතුකරයි.

Date: 2025-03-21

ජය අංකය: 09

ශුභ වර්ණය: දම්