දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා
රාහු කාලය
7:25 am – 8:55 am
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
වයඹ
මේෂ
ක්‍රියාශීලී දිනකි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. දුර ගමන්වලට හේතුයි. රැකියා ස්ථානවල තරමක් ගැටලු සහගත තත්ත්ව උදා කරයි. හදිසි ධන ලාභ ලබයි. සිරස රෝග සන්ධි රෝග මතු කරයි.
වෘෂභ
තම ඥාතීන් නිසා තරමක් මනසට අවිවේකය දෙයි. තවද හදිසි මුදල් වැය වීමකට හේතුයි. දුරස්ථව සිටි තම මිතුරන් සමීප වෙයි. හිතට ධෛර්ය ගෙන දෙයි. තම සැලසුම් ජයගනී. යටිබඩ ආශ්රිත වේදනා රෝග දෙයි.
මිථුන
රාජකාරිවලදී බුද්ධිමත් විය යුතු තම ක්‍රියාකාරකම් හෙළි නොකළ යුතු අතර වාද විවාද ශුභවාදී නොවේ. තම ඥාතීන්ගේ සුහදතා වර්ධන කටයුතු යෙදෙන අතර ධන ලාභ දේ. මුඛ රෝග, කර්ණ රෝග මතුවේ.
කටක
සමාජ සත්කාරක ක්‍රියා යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. අමතර ලාභ ලබයි. ව්‍යාපාරවල යෙදෙන්නන්ට ශුභඵල දෙයි. සෙම් බහුල රෝග, උෂ්ණ රෝග මතුවේ.
සිංහ
ගමන් බිමන් බහුල දිනකි. දහමට ලැදිව ක්‍රියා කරයි. දානමාන කටයුතු ශීලාදී ක්‍රියාකාරකම් ආදියෙහි යොමු වන අතර, සැහැල්ලු සිතින් දවස ගෙවයි. තරමක් වැය පසද ඉහළ යයි. සිරස ගත රෝග ද මතු කරයි.
කන්‍යා
ගමන් බිමන් බහුල වෙයි. වන්දනා ගමන් පුද පූජා ක්‍රියා ආදියෙහි යෙදේ. විනෝද ක්‍රියාවන්හිද යොමු වන තම ඇසුරු කරන්නන්ද දහමට යොමු කරවන ක්‍රියාකාරී දිනකි. අමතර ලාභ ද ලබයි. සෙම් කෝප රෝග ද මතු කරයි.
තුලා
ක්‍රියාකාරී දිනකි. ආගමික උත්සව වැනි දේවලට සහභාගි වෙයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් වැය පසද ඉහළ යන දිනකි. පොදු සේවාවල යෙදේ. උෂ්ණ රෝග මතු කරයි.
වෘශ්චික
ආගමික චාරිත්‍රවලට මුල් තැනදී ක්‍රියාකරයි. තම ඇසුරු කරන්නන් සමග දහමට යොමුවන කරුණුවල යෙදේ. ප්රීතිසාද වැනි දේවලට ද හේතුයි. තරමක් මිල මුදල් වැයවන දිනකි. හදිසි රෝග කැපුම් කෙටුම්වලට හේතුයි.
ධනු
අවිවේකී බව ගෙනදෙයි. කාර්ය බහුලයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියාකිරීමට සිදුවේ. අමතර ලාභ ලබයි. සිරසගත රෝගාබාධ මතු කරයි.
මකර
තරමක් ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව උත්සව ශ්‍රියා ආදියෙහි ක්රියාවේ යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැය පසද ඉහළ යයි. විනෝදජනක ක්‍රියාවන්හිද යෙදේ. කැඩුම් බිඳුම් වැනි දේවලට හේතුයි.
කුම්භ
ක්‍රියාකාරී දිනකි. සමාජ සත්කාරක ක්‍රියා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. නිවස උත්සවශ්‍රියාවක් මතු කරයි. වැයපස ඉහළ යයි. ආගමික පුද පූජාවල යෙදේ. වාතාධික රෝග සන්ධි රෝග මතු කරයි.
මීන
ගමන් බිමන් බහුල වෙයි. ප්රීතිසාද උත්සවවල යෙදේ. නවක මිතුදම් ඇති කරයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. සෙම් කෝප රෝග මතු කරයි.