දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා

රාහු කාලය
10:30 am – 12:01 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

රාජකාරිවල තරමක් බහුලතාවයක් ගෙන දෙයි. තවද අවිවේකී බවක් ද ඇතිවෙයි. අතපසුවීම් වන නිසා තම ක්‍රියා විවේචනයට ලක්වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. හදිසි ලාභ ලබයි. පාද ආබාධ, වාත රෝග මතුවේ.

Date: 2024-09-27

ජය අංකය: 05
ශුභ වර්ණය: දුඹුරු
Qries

වෘෂභ

රාජකාරි ක්‍රියා බහුලයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. නව වැඩ රාජකාරි වැනි දේ ආරම්භයට හේතුයි. සතුරු බලපෑම් එල්ල වේ. සෙම් කෝප රෝග ද යෙදේ.

Date: 2024-09-27

ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

විදෙස් ගමන් යෙදේ හෝ ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු යෙදේ. තම හිතෛෂීන්ගෙන් උදව් උපකාර ද ලබයි. හදිසි ලාභ ද ලබයි. ණය තුරුස්වලින් අතමිදේ. නමුත් වැයපස ඉහළයි. රක්ත වාත රෝග ද මතු කරයි.

Date: 2024-09-27

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

රාජකාරි බහුලයි. අවිවේකීයි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. සතුරන් ධමනය වෙයි. දුර ගමන් වන්දනා වැනි දේ යෙදේ. ආගමික පුදපූජා ආදියට හේතුයි. වැයපස ඉහළයි. ශිරෝ රෝග, සන්ධි රෝග මතු වෙයි.

Date: 2024-09-27

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. පොදුසේවා, සමාජ සද්කාරක ක්‍රියා දියත් කරයි. ආගමික පුද පූජා, දාන මානාදී ක්‍රියාවන්හි යෙදේ. අමතර ලාභ ද ලබයි. ස්නායු ගත රෝග මතු කරයි.

Date: 2024-09-27

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ව දහමට ළැදිව ක්‍රියා කරයි. දුරගමන් බිමන් යෙදේ. ප්‍රීති සාද වැනි දේට ද සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර තැන්පත් ධනය තරමක් වැයවන දිනකි. ආමාශගත රෝග මතුවේ.

Date: 2024-09-27

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරන අතර ආගමිකවතාවත් හා ධානමය පුණ්‍යකර්මවල යෙදේ. විනෝදජනක ක්‍රියාවන්වල ද නිරත වන අතර වැයපස ද ඉහළ යයි. සෙම් බහුල රෝග මතුවේ.

Date: 2024-09-27

ජය අංකය: 09
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

තරමක් අවිවේකී බව මතු කරයි. පොදු සේවා කටයුතුවල යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. දානමානාදී කුසල කර්මවල යෙදේ. නවක මිතුදම් ඇතිවන අතර මිල මුදල් වැය වේ. සන්ධි රෝග, ඉදිමුම් රෝග සාදයි.

Date: 2024-09-27

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

තරමක් අවිවේකී දිනකි. රාජකාරි ද බහුල වන අතර තම ව්‍යාපාරවල ද තරමක අවාසි තත්ත්ව මතු කරයි. ගමන් බිමන් ද තරමක් නිෂ්ඵල වීම්වලට හේතුයි. නමුත් සුළුවෙන් හෝ ලාභ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2024-09-27

ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභාශුභ ඵල මතු කරයි. තම සුපුරුදු රාජකාරිවලදී ද කලකිරීම් මතු කරයි. ව්‍යාපාරවල ඇදවැටීම්වලට හේතුයි. රාජකාරිවලදී කලකිරේ. වැයපස ඉහළ යෑමෙන් සිත් චංචලය. සිරසගත රෝගපීඩා මතු කරයි.

Date: 2024-09-27

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ ඵල දරයි. රාජකාරිවල සහ තම සුපුරුදු ක්‍රියාවන්හි උනන්දුවෙන් කටයුතු කරයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හිද යෙදේ. වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. කොන්දේ අමාරු, අක්ෂි රෝග මතු කරයි.

Date: 2024-09-27

ජය අංකය: 07
ශුභ වර්ණය: තැඹිලි
Qries

මීන

ශුභාශුභ ඵල මතු කරයි. තම අරමුණු තරමක් ජයගනී. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් රෝග මතු කරයි.

Date: 2024-09-27

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්