දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 04 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 04 වන බදාදා

රාහු කාලය
12:09 pm – 1:41 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල සහිතයි. ගමන් බිමන් ද බහුල වන අතර අවිවේකී දිනකි. අතපසුවීම් ඇතිවෙයි. මහජන සබඳතා කටයුතුවල යෙදේ. තරමක් වැයපස ද ඉහළ යයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතුවේ.

Date: 2024-09-04
ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ශුභවාදී ඵල දෙයි. ප්‍රීති සාද මංගල සාද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. දවසේ කැපී පෙනෙන චරිතයකි. නමුත් සතුරු බලපෑම් ඇතිවෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු අතර හදිසි ලාභ ලබයි. වාතාධික රෝග ඉස්මතු වෙයි.

Date: 2024-09-04
ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

තරමක් ශුභවාදී ඵලදෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දහමට යොමුවෙයි. පුද පූජා වැනි ක්‍රියාවන්වල යෙදේ. තම ව්‍යාපාර ස්ථානවල බාධා ඉවත් වෙයි. තරමක් වැය ඉහළයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.

Date: 2024-09-04
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාශීලී දිනකි. ප්‍රීතිසාද, උත්සව යෙදේ. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ගමන් බිමන්ද බහුල වෙයි. නිශ්ඵල ක්‍රියාකාරකම් යෙදෙන බැවින් ප්‍රවේශමෙන්. හදිසි ධන සම්පත් ලාභ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුකරයි.

Date: 2024-09-04
ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

නව නිර්මාණකරණයට හේතුයි. දහමට අනුකූලව ක්‍රියාකරයි. ලිපි ලේඛන කලාවෙන් ජය දෙයි. නවක මිතුදම් ඇතිවෙයි. ව්‍යාපාරවල දියුණුවකට හේතුයි. හදිසි ධන ලාභ ගෙනදෙයි. සෙම් රෝග, උගුර ආශ්‍රිත රෝග මතුවේ.

Date: 2024-09-04
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

රැකියා ස්ථානවල ප්‍රසාදය දිනයි. සතුරු බලපෑම් ධමනය වෙයි. තත්ත්වයේ උසස්වීමකට හේතුයි. විදෙස්ගත රැකියා ද ලාභ ලබයි. විනෝද ගමන් ක්‍රියා වැනි දේවලට හේතුවන දිනකි. ප්‍රමේහ රෝග, නහර වේදනා මතුකරයි.

Date: 2024-09-04
ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ක්‍රියාකාරකම් බහුල වෙයි. අවිවේකී බව මත තරමක් ආතතිය මතුකරයි. ඉවසීම ප්‍රගුණ කළ යුතු දිනකි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. අමතර ලාභ ලැබීම් ගෙනදෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුවෙයි.

Date: 2024-09-04
ජය අංකය: 09
ශුභ වර්ණය: අළු පැහැය
Qries

වෘශ්චික

තම වෙළෙඳ ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තමන් පසුපස ලුහුබැඳි සතුරු බලපෑම් ධමනය වෙයි. රාජකාරි ස්ථානවල ප්‍රධාන වෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග මතුකරයි.

Date: 2024-09-04
ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභා ශුභ මිශ්‍රඵල ගෙනදෙයි. අලසගති මතු කරන අතර තම නිවසේ අලංකරණ කටයුතුවල යෙදේ. නිර්මාණකරණයට ද යොමුවෙයි. සතුරු බලපෑම් මත කලකිරීම් මතුවෙයි. පෙණහලු ආසාදන මතුවේ.

Date: 2024-09-04
ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභා ශුභ ඵල දෙයි. දුරස්ථ වූ මිතුරන් සමීප කරවන ක්‍රියා යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. නිර්මාණකරණයෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2024-09-04
ජය අංකය: 03
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

තරමක් කලකිරීම් ඇතිකරන ප්‍රශ්න මතුවේ. ගමන් බිමන් සීමාවෙයි. තැන්පත් ධනය වැයවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. දහමට ළැදිව ක්‍රියාකරයි. ආමාශගත රෝගවලට හේතුයි.

Date: 2024-09-04
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා රතු
Qries

මීන

සාමාන්‍ය දිනකි. හුදකලාව දවසේ වැඩි කලක් ගෙවයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතුකරයි. පොදු සේවා කටයුතු සමාජ සද්කාර ක්‍රියා ආදියෙහි යෙදෙන දිනකි. පපුව ආශ්‍රිත රෝග මතුරයි.

Date: 2024-09-04
ජය අංකය: 09
ශුභ වර්ණය: තද කහ