දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 12 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 12 වන සඳුදා

රාහු කාලය
7:36 am – 9:09 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ශුභාශුභ මිත්‍ර ඵල ගෙන දෙයි. දුර ගමන් ද යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. අවිවේකී බවක් ගෙන දෙයි. පොදු සේවා සමාජ සද්කාරක ක්‍රියා මූලිකව කටයුතු කරයි. අමතර ලාභ ලබයි. ශිරෝගත රෝග පීඩා මතුවේ.

Date: 2024-08-12
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

වෘෂභ

තරමක් අවිවේකී දිනකි. රාජකාරිවලදී මුල් තැන ගෙන කටයුතු කරයි. තරමක් සතුරු බලපෑම් එල්ල වෙයි. ඉවසීමෙන් ඉදිරියට යා යුතු අතර තැන්පත් ධනය වැයවන කරුණු යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2024-08-12
ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

මිථුන

අවිවේකී දිනකි. රාජකාරි ස්ථානවල තරමක් පැටලිලි ස්වරූප ගෙන දෙයි. තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්ට යෙදෙන, හදිසි ලාභ ලබන දිනකි. මුඛ රෝග, නේත්‍ර රෝග මතු කරයි.

Date: 2024-08-12
ජය අංකය: 09
ශුභ වර්ණය: ලා කොළ
Qries

කටක

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. දුර ගමන් ද යෙදෙන අතර ප්‍රීති උත්සව, මංගල සාද යෙදේ. ක්‍රියාකාරකම්වලදී කැපීපෙනේ. ආගමික උත්සවවලට ද සහභාගි වේ. හදිසි ධන ලාභ ද ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2024-08-12
ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

තරමක් ශුභ ඵල දෙයි. රැකියාවන්හි ප්‍රබෝධයෙන් නියැළේ. නව වැඩ ද සැලසුම් කරයි. තමන් පසු පස එන බාධා බලවේග ඉවත් වෙයි. මිල මුදල් නොසිතූ ලෙස වැය වෙයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2024-08-12
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

කලබලකාරී ගති මතු කරයි. දුරදිග බලා ක්‍රියා කළ යුතුය. දුරස්ථව සිටි මිතුරන් සමීපතාවයට පත් වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. හදිසි ධන වාසනා එල්ලවේ. වාතාධික රෝග මතු කරයි.

Date: 2024-08-12
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ගමන් බිමන් යෙදෙන අතර ප්‍රවේශම් වන්න. රාජකාරි ස්ථානවල බාධා මතුවෙයි. බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. සුහදතා වර්ධන ක්‍රියාවන්වල යෙදේ. වැයපස ද ඉහළ යයි. පෙණහලු අසාදන රෝග මතුවෙයි.

Date: 2024-08-12
ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල මතුකරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. තම ආර්ථිකයේ වර්ධනයට හේතු කරුණු යෙදේ. අමතර ලාභ මතු කරන දිනකි. ඇලදිව, අක්මා වැනි අභ්‍යන්තර ඉන්ද්‍රිය ඉදිමුම් රෝග හදයි.

Date: 2024-08-12
ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභ ඵල මතුකරයි. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. පාදවල ආබාධ සන්ධි රෝග හදයි.

Date: 2024-08-12
ජය අංකය: 09
ශුභ වර්ණය: ලා කහ
Qries

මකර

ශුභ ඵල මතුකරයි. ප්‍රීති උත්සව යෙදේ. ගමන් බිමන්වලදී ප්‍රවේශම මැනවි. රැකීරක්ෂා ස්ථානවල තරමක් සිත් චංචල කරවන ක්‍රියා මතු කරයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. වාතාධික රෝග, ස්නායු රෝගාදියට හේතුයි.

Date: 2024-08-12
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභ ඵල සහිතයි. ක්‍රියාශීලියි. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභ නොවේ. නවක මිතුදම් ඇති වෙයි. ප්‍රීති උත්සව යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ආමාශගත රෝග වර්ධනය වේ.

Date: 2024-08-12
ජය අංකය: 03
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. රැකියාවල උනන්දුවෙන් යෙදේ. උසස්වීම් වැනි දේවලට හේතුයි. පොදු සේවා කටයුතුවලද හා විනෝදජනක කටයුතුවල යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සිරසගත රෝග සෑදේ.

Date: 2024-08-12
ජය අංකය: 01
ශුභ වර්ණය: තද කහ