දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 08 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 08 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:49 pm – 3:22 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල උදා කරයි. දුරගමන් යෙදේ. උත්සව, සාද වැනි දේවල් ද යෙදේ. තරමක් වැයපස ඉහළ යන දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. සෙම් රෝග බහුල වන දිනකි.

Date: 2024-08-08

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවන දිනකි. දුරගමන්වලට හේතුයි. මංගල සාද වැනි දේවල්වලට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. වැයපස නොහිතන ලෙස ඉහළ යයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-08-08

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල් යෙදෙන, අලංකාර දේ සඳහා වැයපස ඉහළ යන දිනකි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. උගතුන්, වියතුන් ඇසුරට පත්වෙයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. හෘදයාබාධ, වාත රෝග මතුවේ.

Date: 2024-08-08

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ගමන් බිමන් බහුලයි. දුරගමන් විනෝද ගමන් යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. මංගල සාද වැනි දේවල්වලට හේතුයි. ඇසුරුකරන්නන් අතර ප්‍රසාදය දිනයි. ශිරෝ රෝග, උෂ්ණ රෝග දෙයි.

Date: 2024-08-08

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

සිංහ

විනෝදයෙන් දවස ගෙවයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම්, ප්‍රේම සබඳතා වැනි දේවලට හේතුයි. වියපැහැදම් අධික වන අතර ණයතුරුස් වීමට ද හේතුයි. හන්දි ප්‍රදාහ රෝග සාදයි.

Date: 2024-08-08

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභඵල දෙයි. තුරඟ තරග ජයගනී. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා ද යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් අතර කැපී පෙනෙන චරිතයකි. සිරසගත රෝග මතුකරයි.

Date: 2024-08-08

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵලදායක වෙයි. ප්‍රීති සාද වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් මත ක්‍රියා කරයි. තරමක් මනසට අවිවේකය මතුකරයි. කතාවේදී, ක්‍රියාවේදී දෙවරක් සිතා බැලීම මැනවි. ආමාශගත රෝග මතුවේ.

Date: 2024-08-08

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල දරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර තම අරමුණු ජය ගනී. ආගමික වතාවත් ගරුකර ක්‍රියා කරයි. නව යාන වාහන මිලට ගැනීමකට, විකිණීමකට හේතුයි. ඉදිමුම් රෝග, මුත්‍රා ආසාදන රෝග සාදයි.

Date: 2024-08-08

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල මතුකරයි. රාජකාරි බහුල වෙයි. අවිවේකී දිනකි. අතපසුවීම්වලට හේතුයි. තම අවශ්‍යතා යටපත් වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස අධික දිනකි. සිරසගත රෝග වර්ධනය වෙයි.

Date: 2024-08-08

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා කහ
Qries

මකර

ශුභවාදී ඵල මතුකරයි. ගමන් බිමන් බහුල දිනකි. තරමක් වැයපස ද ඉහළ යයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. රාජකාරි ස්ථානවල බාධා ඉවත් වෙයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු වෙයි.

Date: 2024-08-08

ජය අංකය: 08
ශුභ වර්ණය: තද නිල්
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. ප්‍රීති උත්සව, සුහදතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. රැකියාවේ උසස්වීම් වැනි දේට හේතුයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝගවලට හේතුයි.

Date: 2024-08-08

ජය අංකය: 01
ශුභ වර්ණය: දම් පැහැය
Qries

මීන

ශුභවාදී ඵල මතුකරයි. සුහදතා වර්ධන කටයුතු ආදියෙහි යෙදේ. විනෝදජනක කටයුතුවල ද යෙදේ. වැයපස ඉහළ යයි. දහමට ළැදිව ක්‍රියා කරන දිනකි. ආමාශගත රෝග සාදයි. ප්‍රීති සාදවලට හේතුයි.

Date: 2024-08-08

ජය අංකය: 03
ශුභ වර්ණය: තද කහ