දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 25 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 25 වන බදාදා

රාහු කාලය
12:02 pm – 1:33 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

රාජකාරි ව්‍යාකූල කරවයි. මනස චංචල වෙයි. ක්‍රියාකාරකම්වලදී දුර දිග බැලීම මැනවි. ප්‍රීති උත්සව, සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. තමන් බලාපොරොත්තු නොවූ ජයකට හේතුයි. සෙම් කෝප රෝග මතුවේ.

Date: 2024-09-25

ජය අංකය: 01
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාශීලි දිනකි. තම අරමුණු පසෙක තබා අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. දවස අවිවේකී බවක් මතු කරයි. තනතුරු ලාභ මතු කරයි. වැය ඉහළයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2024-09-25

ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

තරමක් ගමන් බිමන් බහුල වෙයි. පොදු සේවා කටයුතු, සමාජ සද්කාරක ක්‍රියා වැනි දේවල්වල යෙදෙන දිනකි. නවක මිතුරන් සමග එක්ව ක්‍රියා කරයි. නිෂ්ඵල ක්‍රියාවන් ද යෙදේ. බුද්ධිමත් වීම මැනවි. රක්තවාත රෝග මතු කරයි.

Date: 2024-09-25

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාශීලි දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. නොකළ වැරදිවලට චෝදනා එල්ල වීමට ඉඩ ඇති බැවින් ඉවසීම මුල්කරගෙන ක්‍රියාකිරීම ශුභයි. සිරස රෝග, උෂ්ණ රෝග මතු කරයි.

Date: 2024-09-25

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

තම ඥාති සබඳතා වර්ධනය වෙයි. ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල්වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවකට හේතුයි. දහමට ද ළැදිව ක්‍රියා කරයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-09-25

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල දෙයි. මංගල සාද, උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවේ. ඥාතීන් සමීප වෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ද ඉහළ යයි. තෘප්තිමත්ව දවස ගෙවෙයි. ප්‍රසාදයට පත්වේ. ආමාශගත රෝගවලට හේතුයි.

Date: 2024-09-25

ජය අංකය: 03
ශුභ වර්ණය: ළා කොළ
Qries

තුලා

ගමන් බිමන් බහුල වෙයි. රැකියා ස්ථානවල මතභේද ඇති වෙයි. වාද විවාද ශුභවාදී නොවේ. තරමක් කලකිරීම් මතු කරන ප්‍රශ්න ඇති වෙයි. මිල මුදල් අධිකව වැයවේ. ණය තුරුස්වලට හේතුයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2024-09-25

ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

අවිවේකී දිනකි. රාජකාරි ද බහුල වන අතර ගමන් බිමන් යෙදේ. අතපසුවීම්වලට හේතුයි. ඇසුරුකරන්නන් නිසා තරමක් ආවේගශීලී වෙයි. අමතර ලාභ දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි.

Date: 2024-09-25

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල දෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. රැකියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතුකරයි.

Date: 2024-09-25

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභාශුභ ඵල දෙයි. තරමක් අලසව ක්‍රියාකරයි. තමන් ගැන කලකිරීම් මතුවෙයි. අතමිට තරමක් හිඟවෙයි. ඇසුරුකරන්නන්ගෙන් උදව් උපකාර වැනි දේ ලබයි. වාතාධික රෝග පැනනැඟේ.

Date: 2024-09-25

ජය අංකය: 09
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. රාජකාරිවල ප්‍රබෝධවත්ව යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ ද අවශ්‍යතා මත දවස ක්‍රියාකරයි. අමතර ලාභ ලැබේ. සෙම් ආසදන රෝග මතුවේ.

Date: 2024-09-25

ජය අංකය: 05
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

මීන

ශුභවාදී ඵල මතුවෙයි. තම අරමුණු තරමක් ජයගනී. කලක් මනසට වධ දුන් ප්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ ද ලබයි. උදරාබාධ, බඩවැල් රෝග මතුවෙයි.

Date: 2024-09-25

ජය අංකය: 07
ශුභ වර්ණය: තද කහ