දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය
1:23 pm – 2:52 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
දකුණ
මේෂ
ක්‍රියාශීලී දිනකි. ගමන් බිමන්ද බහුලවෙයි. ආගමිකවතාවත් වලට ගරු කරයි. දුරගමන් සැලසුම් කරයි. තම අරමුණු ජයගනී. ඉඩකඩම් පිළිබඳ ආරවුලක් සුහඳව විසඳෙයි. ශිරෝ රෝග, පාද ආබාධ මතු කරයි.
Date: 2024-10-31
වෘෂභ
හදිසි තීරණමත ක්‍රියාත්මකවීම ශුභවාදී නොවේ. තමන් අපහසුතාවයට පත්වන කරුණු යෙදේ. ආගමික පුද පූජා වතාවත්වල යෙදේ. දැහැමි සංකල්පනා මතුවේ. ශුභවාදීව දවස ගෙවයි. සෙම් බහුල රෝග මතු කරයි.
Date: 2024-10-31
මිථුන
ගමන් බිමන් යෙදෙන අතර ආගමික උත්සව වැනි දේට සහභාගි වෙයි. වන්දනා ගමන්ද යෙදේ. තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර තරමක් වැයපස ඉහළ යයි. හදිසි රෝග, වැටීම් තැලීම් වේ.
Date: 2024-10-31
කටක
ක්රියාශීලීයි. දහමට ළැදිව ක්‍රියාකරයි. ආගමික උත්සවලට සහභාගි වෙයි. ඇසුරු කරන්නන් දහමට යොමු කරවයි. තරමක් වැයපස ද ඉහළ යයි. මහජන සබඳතා, උත්සව යෙදේ. මුත්‍රා රෝග, ප්‍රමේහ රෝග මතු කරයි.
Date: 2024-10-31
සිංහ
සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව ක්‍රියාකරයි. තරමක් ක්‍රියාකාරකම් බහුලයි. ආගමික වතාවත් පුද පූජා වැනි ක්‍රියාවන්හි නියැළේ. ප්රීතිසාද, උත්සව යෙදෙන දිනකි. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.
Date: 2024-10-31
කන්‍යා
තරමක් කාර්යබහුල දිනකි. විනෝදජනක ක්‍රියා ප්රීතිසාද වැනි දේවල් වලට සහභාගි වෙයි. ආගමික උත්සව වතාවන් වැනි දේවල්ද යෙදේ. දුරස්ථ වූ ඥාතීන් සමීපවන ක්‍රියා යෙදේ. සෙම් කෝප රෝග මතුවේ.
Date: 2024-10-31
තුලා
දුරගමන් වන්දනාගමන් වැනි දේවල්වලට හේතුයි. නවක සබඳතා, ප්‍රේම සබඳතා ඇතිවන දිනකි. ප්‍රීති උත්සව සාද යෙදේ. ආගමික වතාවත්ද ගරු කරයි. වැයපස ඉහළයි. ස්නායුගත රෝග මතුවෙයි.
Date: 2024-10-31
වෘශ්චික
ප්‍රීති උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. දුරගමන්ද යෙදේ. විනෝද ක්‍රියාකාරකම් යෙදෙන අතර ආගමට ළැදිව ක්‍රියාකරයි. තරමක් මිල මුදල් බහුලව වැයවන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවේ.
Date: 2024-10-31
ධනු
නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තම ඥාතී මිත්‍රාදීන්ගෙන් උපදෙස් උපකාරද ලබයි. ප්‍රීති උත්සව සාද වැනි දේ යෙදෙන අතර දහමට ළැදිව ක්‍රියාකරයි. ත්‍යාගශීලීයි. කොන්ද අමාරු මතුවෙයි.
Date: 2024-10-31
මකර
ක්‍රියාකාරකම් බහුලයි. ගමන් බිමන්ද බහුල දිනකි. ආගමික වතාවත්වල යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. ප්‍රීති උත්සව යෙදෙන අතර වැයපස ඉහළ යයි. මූල රෝග, බඩවැල් රෝග මතුවේ.
Date: 2024-10-31
කුම්භ
තරමක් අවිවේකී දිනකි. කාර්යබහුල වෙයි. දහමට අවතීර්ණ ක්‍රියාද යෙදෙන අතර ප්‍රීති උත්සව සාද වැනි දේද යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියාවන් යෙදේ. සෙම් රෝග, උෂ්ණ රෝග මතුවේ.
Date: 2024-10-31
මීන
ප්‍රීති උත්සව සාද යෙදේ. ආගමික උත්සවද යෙදෙන අතර අවිවේකී බවක් මතු කරයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීමෙන් අවාසිදායක තත්ත්ව ඇති කරයි. නිවාස ලාභ ලැබීමකට හේතුයි. රක්ත වාත රෝග, උෂ්ණ රෝග මතුවේ.
Date: 2024-10-31