දවසේ ලග්න පලාපල- 2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා
රාහු කාලය
10:25 am – 11:54 am
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන
මේෂ
ක්‍රියාකාරි දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද යෙදෙන දිනකි. ප්රිති උත්සව සාද වැනි දේවල් යෙදේ. ප්‍රේම සබඳතා මෙන්ම නවක මිතුදම් ද ඇතිවෙයි. ශීර්ෂ රෝග, උෂ්ණ රෝග සෑදෙයි.
වෘෂභ
ක්‍රියාකාරි දිනකි. නව වැඩකටයුතු නිර්මාණ ඇරඹීමට ශුභයි. උගතුන් හා වියතුන් ද ඇසුරට පත්වෙයි. දුර ගමන් බිමන් ද යෙදෙන විනෝදජනක ක්‍රියා වැනි දේවල් යෙදෙන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.
මිථුන
උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. උත්සව සාද වැනි දේවලට සහභාගි වීමට හේතුයි. සම්මුඛ සාකච්ඡා සඳහා ශුභ දිනකි. තම අරමුණු තරමක් ජය ගෙන දෙයි. ලාභ ද ලබයි. උදර රෝග, පෙණහලු රෝග මතුවේ.
කටක
තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. මංගල සාද උත්සව වැනි දේ යෙදේ. මිල මුදල් වැය වන අතර තම අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ලබයි. මුත්‍රා ආසාදන, උෂ්ණ රෝග මතු කරයි.
සිංහ
දුර ගමන්, වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල ද යෙදෙන අතර නිදහස් මනසින් ක්‍රියාකරයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ශිරෝ රෝග මතු කරන දිනකි.
කන්‍යා
ක්‍රියාකාරකම් බහුල දිනකි. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියා, ආගමික වතාවත් ආදියහි යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. තම අරමුණු ජය ගනී. සෙම් කෝප රෝග මතු කරන දිනකි.
තුලා
දාන ශීලාදී ක්‍රියාවන්හි යෙදේ. සහනදායි සිතුවිලි මත ක්‍රියාකරයි. ආගමික උත්සව සංවිධානයට හෝ එවැනි දේවලට සහභාගි වීමට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. වැය පස ඉහළ යයි. බඩවැල් ආශ්රිත රෝග මූල මතුවේ.
වෘශ්චික
සුපුරුදු ක්‍රියාකාරකම්වලින් ඉවත්ව දහමට ළැදිව ක්‍රියා කරයි. ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. දුරගමන්, වන්දනා ගමන් ද යෙදෙන අතර පොදු සේවා උත්සවවල ද යෙදේ. වාතාධික රෝග මතු කරයි.
ධනු
දහමට ළැදිව ක්‍රියා කරන අතර ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස උත්සව ශ්රියාවක් ගෙන දෙයි. තරමක් මිල මුදල් වැයවේ. තම වටිනාකම තම ඥාතීන් අතර ඇතිවෙයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.
මකර
ශුභාශුභ ඵල දෙයි. ක්‍රියාශීලි දිනකි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. ආගමික වතාවත්, පුද පූජා ආදියෙහි යෙදේ. පරාර්ථය මුල් කර ක්‍රියා කරයි. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග, මූල රෝග මතුවේ.
කුම්භ
සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව ආගමික වතාවත් දාන ශීලාදි ගුණ ධර්මවල යෙදේ. තම ඥාතීන් අතර ගෞරව ලාභ ලබයි. ඇසුරු කරන්නෝ දහමට යොමු කරවයි. අභ්‍යන්තර ඉන්ද්රියන්හි රෝග මතුවේ.
මීන
ශුභාශුභ ඵල දෙයි. ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. ආගමික උත්සව සංවිධානයට සහභාගි වීමට හේතුයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට ද හේතුයි. හදිසි ධන ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.