දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 23 වන බදාදා
රාහු කාලය
11:54 am – 1:24 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
නිරිත
මේෂ
තරමක් ක්‍රියාකාරකම් බහුලයි. ගමන් බිමන්ද බහුලයි. රාජකාරි ස්ථානවල ද වැඩ අධික වීමෙන් තරමක් මනස නොසන්සුන් වෙයි. විනෝදජනක ක්‍රියාද යෙදෙන දිනකි. ශිරෝගත රෝග මතු කරයි.
වෘෂභ
දුර ගමන් යෙදෙන අතර ආගමික වතාවත් ද ගරු කර ක්‍රියාකරන දිනකි. ආගමික උත්සව සැලසුම් කරයි. ප්රීතිසාද යෙදේ. තම මිතුදම් වර්ධනය වන අතර හදිසි ලාබ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවෙයි.
මිථුන
ක්‍රියාකාරී දිනකි. රජාකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ජය ලබයි. වාත රෝග හෘද ආබාධ මතුකරයි.
කටක
ශුභා ශුභ මිශ්රඵල උදාකරයි. දුර ගමන් යෙදේ. ප්රීතිසාද යෙදේ. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තම සැලසුම් ජයගනී. නව රැකියා ලාබ ලබයි. හදිසි ධන වාසනා ද ලබයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතු කරයි.
සිංහ
ක්‍රියාශීලී දිනකි. ආගමික උත්සව සංවිධානයට හේතු ඇති වෙයි. තරමක් වැයපස ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. අමතර ධන ලාබ ද මතුකරයි. ශිරෝ රෝග, මුඛ රෝග මතු කරයි.
කන්‍යා
ක්‍රියාකාරී දිනකි. තරමක් සැනසිලි ස්වභාවයෙන් ක්‍රියාකරයි. දහමට ලැදි වන අතර දානශීලාදී ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. වැයපස ඉහළයි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතු වේ.
තුලා
දුර ගමන් වන්දනා ගමන් වැනි දේ යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දහමට ලැදිව ක්‍රියාකරයි. ආගමික වතාවත්වල ද යෙදේ. තරමක් වැය ඉහළයි. මූල රෝග භගන්දරා රෝග සාදයි.
වෘශ්චික
ප්‍රීති උත්සව සාද වැනි දේවල්වල යෙදේ. ගමන් බිමන් බහුලයි. ආගමානුකූල චාරිත්‍රවල යෙදෙන දිනකි. විනෝද ගමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැපස ඉහළයි. ප්‍රමේහ වාත රෝග මතුවෙයි.
ධනු
ක්‍රියාශීලී දිනකි. තම නිවස උත්සවශ්‍රියාවක් මතුකරයි. ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඔවුන් වෙනුවෙන් වැයපස ද ඉහළ යයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාබ ගෙන දෙන දිනකි. බඩවැල් ආශ්රිත රෝග මතුකරයි.
මකර
ශුභා ශුභ මිශ්‍ර ඵල උදාකරයි. තම පවුලේ අය ළඟම ඥාතීන් මුල්කර අලංකාර දේ සඳහා වැයපස ඉහළ යයි. උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. දහමට ලැදිව ද ක්‍රියාකරයි. හදිසි රෝග ශල්‍යකර්ම වැනි දේට හේතුයි.
කුම්භ
ක්‍රියාකාරකම් බහුල දිනකි. ව්‍යාපාර ඉහළ මට්ටමක පවතී. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර අලංකාර දේ සඳහා වැයපස ඉහළයි. අමතර ලාබ ද ලබන දහමට ලැදි දිනකි. වාතාධික රෝග ඉදිමුම් රෝග මතුවේ.
මීන
අවිවේකී දිනකි. තම අවශ්‍යතා මෙන්ම තම ඥාතීන්ගේ අවශ්‍යතාවයන් මත ක්‍රියාකිරීමට සිදුවන නානා අවශ්‍යතා මත වැයපස ඉහළ යන දිනකි. උත්සව සැණකෙළි වැනි දේවලට ද සහභාගි වෙයි. ශිරෝගත රෝග, උෂ්ණාධික රෝග මතුවේ.