
දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 26 වන බදාදා
රාහු කාලය
12:16 pm – 1:47 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
නිරිත

මේෂ තරමක් කලබලකාරී ගති මතු කරයි. ඉඩකඩම් පිළිබඳ ගැටලුවකට මුහුණ දෙයි. උත්සාහයෙන් තම අරමුණු ජය ගනී. සතුරන් දමනය වෙයි. අමතර ලාභ ලැබීම් මතු කරන දිනකි. සිරසගත රෝග, උගුරේ අමාරු මතුවේ.
Date: 2025-03-26
ජය අංකය: 09
ශුභ වර්ණය: තද රෝස

වෘෂභ ක්‍රියාකාරකම් බහුලයි. අන් අයගේ අවධානය වර්ධනය වන බැවින් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු අතර මිල මුදල් වැය කිරීමට ද සිදුවන දිනකි. අමතර ලාභ ද දෙයි. සෙම් කෝප රෝග මතු කරයි.
Date: 2025-03-26
ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු

මිථුන ශාස්ත්‍රීය කටයුතුවලින් ජය දෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. තරමක් අතපසු වීම් වැනි දේවලට හේතුයි. විවේචනයට ලක්වෙයි. නමුත් ඉවසීම මැනවි. සන්ධි රෝග, ඉදිමුම් යෙදේ.
Date: 2025-03-26
ජය අංකය: 03
ශුභ වර්ණය: රෝස

කටක රාජකාරි බහුල වෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. තම ඥාතීන් වෙනුවෙන් වැය බර දැරීමට සිදුවෙයි. සුළුවෙන් හෝ උත්සව සාද වැනි දේවල් යෙදේ. මුත්‍රා ආසාදන මතු කරයි.
Date: 2025-03-26
ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්

සිංහ ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ගමන් බිමන් අධික දිනකි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරන දිනකි. විනෝද ගමන් යෙදේ. හදිසි ලාභ ලැබීම් මතු කරයි. අවිවේකී දිනකි. ආමාශගත රෝග, ආහාර විෂවීම්වලට හේතුයි.
Date: 2025-03-26
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා රෝස

කන්‍යා ශුභවාදී ඵල මතු කරයි. රාජකාරි බහුලයි. ප්‍රබෝධමත්ව කටයුතු කරන දිනකි. රැකියාවල උසස් වීමකට හේතුයි. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන වාසනා මතු කරයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග සාදයි.
Date: 2025-03-26
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ

තුලා ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. පොදුසේවා ක්‍රියාවන්හි යෙදේ. රාජකාරි ස්ථානවල බාධා එල්ල වෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි. ණය තුරුස්වීමට ඉඩ තිබේ. සිරසගත රෝග සාදයි.
Date: 2025-03-26
ජය අංකය: 08
ශුභ වර්ණය: ළා කහ

වෘශ්චික ශුභවාදී ඵල මතු කරයි. අමතර ක්‍රියා බහුලයි. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. දුරගමන් විනෝද ගමන් ආදියට හේතුයි. සතුරන් දමනය වෙයි. රැකියාවේ උසස් වීම්වලට හේතුයි. සන්ධි ප්‍රදාහ රෝගවලට හේතුයි.
Date: 2025-03-26
ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු

ධනු ශුභවාදී ඵල මතු කරයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තනතුරු ලාභ ලබයි. ව්‍යාපාර දියුණු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. දහමට ලැදි වෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතු කරයි.
Date: 2025-03-26
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ

මකර ශුභාශුභ ඵල මතු කරයි. යහපත් චේතනා මතු වෙයි. දුරස්ථ කළ මිතුරන් සමීපයට ගනී. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. තරමක් වැයපස අධිකවන දිනකි. අලංකාර කටයුතු සඳහා යොමුවෙයි. නහර වේදනා, ස්නායුගත රෝග සාදයි.
Date: 2025-03-26
ජය අංකය: 08
ශුභ වර්ණය: දම්

කුම්භ ශුභඵල ගෙනදෙයි. තම අරමුණු ජයගනී. තත්ත්වයේ උසස් වීමකට හේතුයි. රැකියා ස්ථානවල ප්‍රසාදය දිනයි. මිල මුදල් තරමක් වැයවන දිනකි. සුහද හමුවීම් වැනි දේට හේතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි. තරමක් සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි.
Date: 2025-03-26
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්

මීන ශුභවාදී ඵල ගෙන දෙයි. ව්‍යාපාර දියුණු වෙයි. රාජකාරිවලදී ක්‍රියාශීලී වෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සෙම් රෝග, පෙණහලු ආශ්‍රිත රෝග වර්ධනය වෙයි.
Date: 2025-03-26
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි