දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය
1:24 pm – 2:52 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
දකුණ
මේෂ
ශුභාශුභ මිශ්රඵල ගෙන දෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල්වලට හේතුයි. මහජන සබඳතා වර්ධනය වෙයි. ගමන් බිමන් බහුල වෙයි. දහමට ළැදිව ක්‍රියා කරයි. අමතර ලාභ ලබයි. සිරසගත පීඩාකර්ම දෙයි.
වෘෂභ
ක්‍රියාකාරකම් බහුල දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තරමක් මිල මුදල් වැය වෙයි. තම අරමුණු බොහෝකොට ජයගනී. ගමන් බිමන් ද තරමක් යෙදේ. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතුකරයි.
මිථුන
ගමන් බිමන් යෙදේ. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. ආගමික වතාවත් ගරු කර ක්‍රියා කරයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. පරාර්ථකාමීව කටයුතු කරන දිනකි. අමතර ලාභ ලැබීම් ඇතිවේ. මුත්‍රා ආසාදන මතු කරයි.
කටක
තරමක් කඩිසරව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන්ගේ අවශ්‍යතා මත ද ක්‍රියා කිරීමට සිදුවෙයි. ප්‍රසාදයට පත් වෙයි. ආගමික වතාවත් ගරු කර ක්‍රියා කරන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි.
සිංහ
ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ආගමික උත්සව වැනි දේවල්වලට ද සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර තරමක් වැය බර අධික දිනකි. අමතර ලාභ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතුවේ.
කන්‍යා
කාර්ය බහුල දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. වන්දනා ගමන්, වන්දනාමාන ක්‍රියා වැනි දේවලට යොමු වෙයි. ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් සමීප වන කරුණු ද යෙදේ. මූල රෝග, බඩවැල් රෝග මතු වෙයි.
තුලා
සමාජ සද්කාරක ක්‍රියා, පොදු කටයුතු ආදියෙහි යෙදේ. දුර ගමන් යෙදෙන අතර ප්‍රීති උත්සව, ආගමික වතාවත් ගරු කරන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවන කරුණු යෙදේ. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි.
වෘශ්චික
සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව දහමට ළැදිව ක්‍රියා කරයි. දස පුණ්‍ය ක්‍රියාවන්හි යෙදේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. දුර ගමන් යෙදේ. මිල මුදල් තරමක් වැයවේ. පෙණහලු ආසාදන රෝග මතුවේ.
ධනු
ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. ක්‍රියාශීලී දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අමතර රාජකාරිවල යෙදේ. අවිවේකී වෙයි. තරමක් ආගමික පසුබිමක ක්‍රියා කරයි. සන්ධි රෝග, අස්ථි අමාරු සාදයි.
මකර
ක්‍රියාකාරකම් බහුලයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන් ද යෙදේ. තරමක් දහමට ළැදිව ක්‍රියා කරයි. මිල මුදල් වැය ඉහළයි. ස්නායු රෝග, මුත්‍රා රෝග මතුවේ.
කුම්භ
අවිවේකී දිනකි. තරමක් ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. තම නිවස උත්සව ශ්රියාවක් ඇති කරයි. වැයපස ඉහළයි. ප්‍රසාදයට පත්වෙයි. මේහ රෝග, හිරිවාත මතු කරයි.
මීන
ගමන් බිමන් බහුල දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ද ගෙන දෙයි. සෙම් කෝප රෝග මතුවේ.