දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා
රාහු කාලය
10:25 am – 11:55 am
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන
මේෂ
ක්‍රියාශීලී දිනකි. දුර ගමන් යෙදේ. ආගමික වතාවත්වල යෙදෙන අතර තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදු වෙයි. හදිසි ධන ලාභ ද ලබයි. ශිරෝ රෝවලට හේතුයි.
වෘෂභ
දුර ගමන් යෙදේ. විනෝද ජනක ක්‍රියාකාරකම්වලට යොමු වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. නව වැඩ ඇරඹීමට ශුභයි. ආගමික වතාවත් උත්සව වැනි දේ යෙදේ. සෙම් රෝග මතු කරයි.
මිථුන
ශුභා ශුභ මිශ්රඵල දෙති. ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැය පස ඉහළ යයි. භූමි ලාභ, භූමි සම්පත් මතු කරයි. ශ්වසන රෝග මතු කරයි.
කටක
ගමන් බිමන් බහුල වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. මහත් ප්‍රසාදයට පත් වෙයි. හදිසි ලාභ ලබයි. මුත්‍රා ආසාදන මතුවේ.
සිංහ
දහමට ලැදිව ක්‍රියා කරයි. දානමානාදී කුසල කර්මවල යෙදේ. වැයපස ඉහළ යයි. සුහද සිතින් ක්‍රියා කරයි. නවක මිතුදම් ඇති වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. ස්නායුගත රෝග මතු කරයි.
කන්‍යා
ගමන් බිමන් බහුල වේ. වන්දනා ගමන්, ආගමික වැඩසටහන්වලට අවතීර්ණව ක්‍රියා කරයි. තරමක් වැයපස ඉහළ යයි. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. ඥාති මිත්‍රාදීන් සමීපව ක්‍රියා කරයි. මුත්‍රා ආසාදන ඇති කරවයි.
තුලා
ආගමානුකූල ක්‍රියාවන්ට මුල්තැන දෙයි. ගමන් බිමන් ද යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දුරස්ථවූ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ඍජුගුණ මතු කරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුවේ.
වෘශ්චික
දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික උත්සවවලට ද සහභාගි වෙයි. තරමක් මිල මුදල් වැයකෙරේ. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු වේ.
ධනු
ශුභවාදී ඵල ගන දෙයි. තම අරමුණු ජය ගන්නා අතර නිවසේ අලුත් වැඩියාවකට හේතුයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. ප්‍රේම සබඳතා වර්ධනය වන අතර වැයපස ඉහළයි. සෙම් කෝප රෝග සාදයි.
මකර
ශුභා ශුභ මිශ්රඵල දෙන අතර ගමන් බිමන් මත අවිවේකී දිනකි. තම නිවස උත්සව ශ්රියාවක් මතු කරයි. වැයපස ඉහළ යන අතර ණයතුරුස් වීමට ද හේතුයි. භූමි ලාභ මතු කරයි. මුඛ රෝග, නේත්‍ර රෝග වැනි දේට හේතුයි.
කුම්භ
ශුභවාදී ඵල මතු කරයි. විනෝද ජනක ක්‍රියා, ගමන් බිමන් ආදියට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරන අතර ප්‍රසාදයට පත් වන දිනකි. ආර්ථික ලාභ ලැබීම ඇති වෙයි. මුත්‍රා ආසාදන රෝග ද මතු වෙයි.
මීන
ශුභා ශුභ මිශ්‍ර ඵල උදා කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සිත ශක්තිමත් වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වේ. විශේෂ ආසාදන රෝග මතුවේ.