දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 04 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 04 වන අඟහරුවාදා

රාහු කාලය
3:17 pm – 4:51 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ක්‍රියාශීලියි. තරමක් ඍජු තීරණ මත ක්‍රියා කරයි. තම සේවක සේවිකාවන් අතර විවේචනයට හේතුයි. තම අරමුණු ජයගනී. විදෙස් ගමන් සඳහා මූලික ක්‍රියාකාරකම් ඉටුවෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග දෙයි.

Date: 2024-06-04

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරි ස්ථානවල තරමක් මැසිවිලි මතු කරයි. ඍජු තීරණ මත ක්‍රියා කළ යුතු තමන් නොකළ වැරදිවලට චෝදනා එල්ලවන බැවින් කතාවේදී වඩා ප්‍රවේශමද මැනවි. මූල රෝග, භගන්ද වැනි දේ හේතුයි.

Date: 2024-06-04

ජය අංකය: 04
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

දුරදිග නොබලා ක්‍රියාකිරීමෙන් තමන් අපහසුතාවට පත්වේ. ලියකියවිලිවලදී ප්‍රවේශමද මැනවි. පැරණි ගනුදෙනුවකින් ජයදෙයි. තම ඥාතීන් වෙනුවෙන් වැය පසද තරමක් ඉහළ යයි. මුත්‍රා ආසාදන, අස්ථි රෝග මතු වේ.

Date: 2024-06-04

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

සම්මුඛ පරීක්ෂණ, සාකච්ඡා ආදියට ශුභයි. නව රැකියා ලාභ ලබයි. තම වටිනාකමද ප්‍රදර්ශනය වන ක්‍රියාකාරකම් යෙදේ. තැන්පත් මුදල් වර්ධනය වන ක්‍රියා යෙදේ. ශිරෝ රෝග, ආමාශගත රෝග මතු වේ.

Date: 2024-06-04

ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභඵල මතු කරයි. උගතුන් ඇසුරට පත්වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තම ඥාතීන්ගේ අරමුණු මත බාධා වර්ධනය වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. සෞඛ්‍ය පිළිබඳව ගැටලු මතු කරයි.

Date: 2024-06-04

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

කන්‍යා

තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ක්‍රියාශීලි දිනකි. උනන්දුවෙන් රැකියාවල යෙදේ. අලංකාර කටයුතු සඳහා වයපස ඉහළ යයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. ආමාශගත රෝගවලට හේතුයි.

Date: 2024-06-04

ජය අංකය: 06
ශුභ වර්ණය: ලාකොළ
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. සම්මුඛ පරීක්ෂණ, සාකච්ඡා ආදියට ශුභයි. කෙටි ගමන් බිමන් බහුල වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හන්දි රෝග, ඉදිමුම් රෝග ආදියට හේතුයි.

Date: 2024-06-04

ජය අංකය: 08
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. තම අරමුණු බාධා ගෙනදෙයි. අවිවාහකයන්ට ශුභයි. ළඟම ඥාතියකු වෙනුවෙන් අවශ්‍යතා මත මිල මුදල් වැයවේ. උදරාබාධවලට හේතුයි. තීරණ ගැනීමේදී දුරදිග බලා ක්‍රියා කළ යුතුයි.

Date: 2024-06-04

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල දෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. රැකියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවලද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි.

Date: 2024-06-04

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභා ශුභ ඵල දෙයි. තරමක් අලසව ක්‍රියා කරයි. තමන් ගැන කලකිරීම් මතුවෙයි. අතමිට තරමක් හිඟවෙයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර වැනි දේ ලබයි. වාතාධික රෝග පැන නැඟේ.

Date: 2024-06-04

ජය අංකය: 09
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරිවල ප්‍රබෝධමත්ව යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේද අවශ්‍යතා මත දවස ක්‍රියාකරයි. අමතර ලාභ ලැබේ. සෙම් ආසාදන රෝග මතු වේ.

Date: 2024-06-04

ජය අංකය: 05
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

මීන

ශුභවාදී ඵල මතුවෙයි. තම අරමුණු තරමක් ජයගනී. කලක් මනසට වධ දුන් ප්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභද ලබයි. උදරාබාධ, බඩවැල් රෝග මතු වෙයි.

Date: 2024-06-04

ජය අංකය: 07
ශුභ වර්ණය: තද කහ

Share This