කුවේට් රාජ්‍යයේ සිටින සියලුම ශ්‍රී ලාංකියන්ට විශේෂ නිවේදනයක්

කුවේට් රාජ්‍යයේ සිටින සියලුම ශ්‍රී ලාංකියන්ට විශේෂ නිවේදනයක්

කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලු‍ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ එරට සිටින සියලු විදෙස් ශ්‍රමිකයින් 2024 දෙසැම්බර් 31 වනදාට පෙර ඇගිලි සලකුණු ලබා දිය යුතු බවටයි.

ඒ අනුව, කුවේට් රාජ්‍යයට අයත් “Sahel” මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ “Matta” නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට කාලය වෙන් කරවා ගත හැකිය.

එමෙන්ම ඔන්ලයින් ක්‍රමවේදයට ඇඟිලි සලකුණු ලබාදීමට සුදුසු ආසන්න ස්ථානයක් තෝරා ගැනීමට ද අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව, හවාලි, ෆර්වානියා, අහමාද්, මුබාරක් අල් කබීර්, ජහ්‍රා යන නගරවල පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලවල ඇඟිලි සලකුණු ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවයි, වාර්තා වන්නේ.

මීට අමතරව අලි ‍සබා අල් සලීම්, උම් අල් – හයෙමාන් සහ ජහ්‍රා ප්‍රදේශවල පිහිටි ඇඟිලි සලකණු ලබාදීම සඳහා වන පුද්ගලයින් විමර්ශනය කිරීමේ දෙපාර්තමේන්තු‍වේ දී සිදුකළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කුවෙට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ, ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලු‍ම රාජ්‍ය හා බැංකු කටයුතුවලට බාධා පැමිණිය හැකි බවටයි.