කුසල්ට ඇමෙරිකානු වීසා හිමිවෙයි

කුසල්ට ඇමෙරිකානු වීසා හිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඇමරිකාවට යාමට වීසා බලපත්‍රය ලැබී තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඔහු ඇමරිකාව බලා පිටත්ව ගොස් ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ICC ක්‍රිකට් ලෝක කුසලානය ජුනි 01 වනදා ඇමරිකාවේදී ආරම්භ වීමට නියමිතයි.

Share This