උඩරට දුම්රිය මාර්ගයට කුණු කන්දක් කඩා වැටෙයි – සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගනී
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) දින අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගැනිමට හැකි වූ බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පැවසිය.
හැටන් වටරවුම් මාර්ගයේ පදිංචිකරුවන් විසින් දුම්රිය මාර්ගයට ඉහල අක්රමවත් ආකාරයෙන් දිනපතා විශාල වශයෙන් කැලි කසල බැහැර කරන බවත්, පවතින අධික වර්ෂාවත් සමග අද අලුයම එම කසල කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවත්, එම අවස්ථාවේ දුම්රිය මාර්ග සංචාරක මුරකරු දැක ඒ පිලිබදව තම කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්රවාහන දුම්රියක් නතර කර දුම්රිය මාර්ගයට වැටී තිබූ කසල කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කල බවයි, ඉංජිනේරුවරයා කියා සිටියේ.
මීට ප්රථමද මෙවැනි ආකාරයට කසල කන්දක් ධාවනය වෙමින් තිබූ දුම්රියක් මතට කඩා වැටීමෙන් දුම්රිය එන්ජිමට හානි සිදු වූ බවයි, එම නිලධාරියා කියා සිටියේ.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගී ප්රවාහන දුම්රියන් සියල්ල නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට පියවර ගෙන ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.