ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මියයන විට කුමාරි පෙරේරා මහත්මිය 68 වන වියේ පසුවිය.

කෝපි කඩේ ටෙළිනාට්‍ය මාලාවේ ආරම්භක රංගන ශිල්පිනියක් වූ ඇය එදා මෙදා තුර ටෙලි නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූවාය.

කෝපි කඩේ දුවගේ චරිතයට මෙන්ම කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායකත්වය සැපයුවාය.

කුමාරි පෙරේරා මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.