කුකුල් චමින්ද දැරියකට පහරදීමේ සිද්ධිය හෙළිකළ තරුණයාට පොලීසියෙන් ලක්ෂ 05 ක මුදල් ත්‍යාගයක්

කුකුල් චමින්ද දැරියකට පහරදීමේ සිද්ධිය හෙළිකළ තරුණයාට පොලීසියෙන් ලක්ෂ 05 ක මුදල් ත්‍යාගයක්

පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දමා අදාළ සිද්ධිය හෙළිකළ තරුණයාට පොලීසියෙන් රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් ලබා දී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී අද (12) එම මුදල් ත්‍යාගය පිරිනමා තිබේ.

එමෙන්ම දරුවාගේ බැංකු ගිණුමකට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් බැර කිරීමද පොලිසිය විසින් අද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයාගේ වීඩියෝ ව මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ පසුගියදා කුකුල් චමින්ද ව අත්අඩංගුවට ගෙන ජූනි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

පහරකෑමට ලක්වූ කුඩා දැරිය මේ වනවිට පරිවාස භාරයේ පසුවෙයි.

Share This