ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න නිවා දැමේ – රජයේ රස පරීක්ෂකගේ පරීක්ෂාව අද

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න නිවා දැමේ – රජයේ රස පරීක්ෂකගේ පරීක්ෂාව අද

පිටකොටුවේ ඉදි කෙරෙමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්න නිවා දමා තිබේ.

එහි 34 සහ 35 වැනි මහල්වල ගින්න හටගත් බවයි, කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම මහල්වල තිබූ දැවමය පුවරුවල ගින්න හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 8 ක් යොදවූ බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්න හටගත් ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂකවරයා විසින් අද පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.