
කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළට
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ඉහළ දමන බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ශාන් පවසයි.
ඒ අනුව, කොත්තුවක් රුපියල් 30කින්, ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 30කින්, සියලුම කෙටි ආහාර රුපියල් 10කින් සහ ප්ලේන්ටියක් රුපියල් 10කින් මිල ඉහළ දමන බවයි, ඔහු පැවසුවේ.
එමෙන්ම බිත්තර ආප්පය රුපියල් 10කින් සහ ප්ලේන් ආප්පයක් රුපියල් 5කින් ද මිල වැඩි කිරීමට තීරණය කර තිබේ.