ලක්ෂ 10ක කොල්ලු තොගයක් කැළණියෙන් අල්ලයි
ඇසුරුම් කළ දිනය සහ භාවිත කළ යුතු කාල සීමාවක් යන කිසිදු තොරතුරක් නොමැතිව රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් කොල්ලු කිලෝග්රෑම් 3,000 ක පමණ තොගයක් කැලණිය ප්රදේශයේ ගබඩාවක තිබී තමන් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
මෙම කොල්ලු තොගය කිලෝග්රෑම් 30 ක බැගින් වන ඇසුරුම් 100 ක ඇසුරුම් කර තිබූ බවත් මෙම කොල්ලු තොගය පිළිබඳව අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බවත් එම අධිකාරිය සඳහන් කළේය.
එවැනි භාණ්ඩ පිළිබඳව තොරතුරු 1977 කෙටි දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසත් වෙළෙඳ ප්රජාවෙන් මෙන්ම පාරිභෝගික ජනතාවගෙන් ද ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් පැවසීය.