දුවට තැන දී කිරිඇල්ල දේශපාලනයෙන් සමුගන්න හදයි

දුවට තැන දී කිරිඇල්ල දේශපාලනයෙන් සමුගන්න හදයි

විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සිය දියණිය වන නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ලට දේශපාලන ප්‍රවේශය සලසා දී සිය දේශපාලනයෙන් සමුගැනීමට සූදානම්වන බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර ඇත්තේ, තමන් වසර 36ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ බවත් තරුණයින්ට අවස්ථාව දී දැන් සමුගැනීමට කාලය පැමිණ ඇති බවත්ය.

මේ අවස්ථාවේ දී “පවුලේ තරුණ අයෙක් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් කරනවා ද” යන්න මාධ්‍ය කළ විමසීමේදී ඔහු කියා සිටියේ, අද දින ඊට පිළිතුරු ලබා දෙන බවය.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තු නොවන බවත් විවේක සුවයෙන් සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී අනාවරණ කළේය.

“සාර්ථකව සිද්ධ වෙනවා. විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් තරුණ පිරිස් අතර විශාල උනන්දුවක් තියෙනවා. අපි හිතුවාට වඩා උනන්දුවක් තියෙනවා.

මාධ්‍යවේදීයා – ඔබතුමා නාමයෝජනාවලට අත්සන් තැබුවා ද.?

කිරිඇල්ල – මම අවුරුදු 36ක් හිටියානේ. දැන් විවේක සුවයෙන් ඉන්නත් එපැයි. අවුරුදු 36ක් කියන්නෙත් දීර්ඝ කාලයක්. අපි තරුණ කට්ටියටත් අවස්ථාව දෙන්න එපැයි.”