කිරිබත්ගොඩදී පොලිසියෙන් පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්

කිරිබත්ගොඩදී පොලිසියෙන් පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්

අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියක් සමග සැකකටයුතු පුද්ගලයෙක් රැඳීසිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් තිබෙන අතර එහිදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

ඔහුට යතුරු පැදිය නතර කරන ලෙසට පොලිසිය විසින් අණ කළත් එය නොනවත්වා ධාවනය කර ඇති අතර, එහිදී පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකාර පුද්ගලයා මිතුරෙකු මාර්ගයෙන් ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත්ව සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.