කිරිඇල්ලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නැයි මල්වතු මහ නාහිමිගෙන් ලිපියක්
විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්කරන්නැයි තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියෝ එම පක්ෂයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ..
එම ලිපිය මල්වතු කාරක සංඝ සභික ගල් පිහිල්ලේ නායක ස්වාමීන් වහන්සේ අතින් මෙසේ බාරදී තිබේ.
කන්ද උඩරට ජනතාව කාලයක සිට නියෝජනය කළ සිංහල මන්ත්‍රීවරයා වන හෙයින් ඔහුගේ පළපුරුද්ද, නීතිමය හැකියාව සහ ඔහු රට වෙනුවෙන් කළ සේවාව යනාදී කරුණු සැලකිල්ලට ගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නැයි මල්වතු මහනාහිමියන් එම ලිපියෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් එම ලිපියට සමග ජන බලවේගය පක්ෂයෙන් අද (18) වනතුරුද පිළිතුරක් ලබාදී නොතිබුණු බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පසුගිය මහ මැතිවරණයේදී සමග ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන පහක් හිමි විය.
එම මන්ත්‍රී ආසනවලට පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් එම පක්ෂය තවමත් තීරණයක් ගෙන නොමැත.