ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී ඉල්ලා අස්වෙයි

ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී ඉල්ලා අස්වෙයි

අමෙරිකානු ඔත්තු සේවා ප්‍රධානී Kimberly Cheatle තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට පසුගිය ජූලි 13 වැනිදා ගත් උත්සාහය වැළැක්වීමට අමෙරිකානු බුද්ධි සේවා අසමත්වූ බවට ඇයට එල්ල වී තිබූ චෝදනා හේතුවෙනි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට ඇය මෙහිදී පිළිගෙන තිබේ.

අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බවය.