යාපනයේ පදිංචි තරුණියක් කිළිනොච්චියේදී පැහැරගනී

යාපනයේ පදිංචි තරුණියක් කිළිනොච්චියේදී පැහැරගනී

කිළිනොච්චිය ඉරණමඩු කනකම්බිකුලම් ප්‍රදේශයේදී නාඳුනන පිරිසක් විසින් ඊයේ (17) රාත්‍රීයේ තරුණියක් පැහැරගෙන ගොස් ඇතැයි, කිළිනොච්චිය පොලීසිය පවසයි.

එලෙස පැහැරගෙන ඇත්තේ, යාපනයේ පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේ පදිංචි විසිහය හැවිරිදි තරුණියක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තරුණිය කිළිනොච්චිය නගරයේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක සේවය කරන බැවින් කුලී පදනම මත ඉරණමඩු ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇත.

ඇය සිය රැකියාව නිම වී ආපසු නේවාසිකාගාරය වෙත යමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව තිබෙන බව පොලිසිය පැවසීය.

මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසියට පැමිණිලි ලැබීමෙන් පසුව පොලීසිය කළ සෝදීසියකදී තරුණිය භාවිත කළ බවට සැකකෙරෙන අත් බෑගයක් හා ජංගම දුරකතනයක් හමු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරගෙන යයි.