කෙහෙළිය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරේ

කෙහෙළිය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරේ

ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන මාස 08ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇප මත මුදා හැරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (11) නියෝග කළා.

ඒ අනුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (12) සිය නිවස වෙත පිටත්ව ගියා.

ඒ අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළව හිටපු අමාත්‍යවරයාව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ලබන මස 03වනදා සහ 25වනදා එම නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.