කෙහෙළිය ට එරෙහි නඩුවක් කැඳවයි

කෙහෙළිය ට එරෙහි නඩුවක් කැඳවයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පුද්ගලික ජංගම දුරකථනයේ බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට මෙම නඩුව ගොනුකර තිබේ.

විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබු අතර එහිදී කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිට ඇත.

මූලික විරෝධතාවට අදාළ පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා අල්ලස් කොමිසමට කල් ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත සැප්තැම්බර් මස 20 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

Share This