කෙහෙළියගේ දියණියගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කෙහෙළියගේ දියණියගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ මහතාගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කළාය.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකරන ලෙස එහිදී ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියාය.

Share This