
කෙහෙළිය රඹුක්වැල්ල CIDයට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ඒ, ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව වැඩිදුර ප්‍රකාශ ලබාදීම සඳහාය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 09 වනදා ද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබුණි.