
කෙහෙළියගේ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී තිබෙන නියෝගය ඉවත් කරන ලෙස ඒ මහතාගේ නීතිඥවරු කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව කොළඹ මහාධිකරණය විසින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ අයට අයත් බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවිසුම් කිහිපයක් අත්හිටුවමින් ඉකුත්දා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්‍රාම වැටුප මෙන්ම ඔහුගේ නිවස ගිනිගැනීමෙන් ඇතිවූ හානිය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 959කට අධික වන්දි මුදල තැන්පත් කර තිබෙන පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමද මේ යටතේ තහනමට ගෙන තිබෙන බවත් එම ගිණුමට පනවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉකුත්දා ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.