කෙහෙළියට ඇප

කෙහෙළියට ඇප

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනකු ඇපමත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියම කළාය.

ඒ, එම නඩුව අද අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

සැකකරුවන්ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් ඇපමත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය.

එහිදී රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ අවසරයකින් තොරව විදේස ගතවීම වළක්වාලමින් කොන්දේසියක් ද පැන වූවාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතරව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට මෙලෙස ඇප නියම කෙරුණේ මාස 7කට පසුවයි.

මෙම සිද්ධියට අදාළව මොහුව පසුගිය පෙබරවාරි 02 වැනිදා අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි, පියවර ගැනුණේ.