කෙහෙළියට වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි

කෙහෙළියට වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි

කෙහෙළිය ඇතුලු සැකකරුවන් 04ක් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුව ඊයේ (22) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයින් දරුණු මානසික රෝග, හෘද රෝග, පිළිකා රෝග, කායික රෝග තත්ත්වයන්ගෙන් පසුවන බැවින් ඊට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හැකි ඉක්මනින් ලබා දිය යුතු බවයි.

අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මීට අදාළ ඉල්ලිම් මෝසමක් හරහා දැනුම් දෙන ලෙසයි .