මිලියන 100 බැගින් වන්දි ඉල්ලා කෙහෙළියට එරෙහිව කොළඹ දිසා අධිකරණයට පෙත්සමක්

මිලියන 100 බැගින් වන්දි ඉල්ලා කෙහෙළියට එරෙහිව කොළඹ දිසා අධිකරණයට පෙත්සමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 10 දෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා පුද්ගලයින් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණයට පෙත්සම් ගොනු කර තිබේ.

ඒ නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත්කිරීම සඳහා සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසු තමන්ට ලබාදුන් බාල ඖෂධ හේතුවෙන් අන්ධ භාවයට පත් වූ බව පවසමින්.

ඒ අනුව, එම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නීතිපතිතුමා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය ඇතුලු 10 දෙනෙකුට විරුද්ධව වන්දි නඩු තුනක් ගොනු කර තිබේ.