කෙහෙළියට තවත් නඩුවක් වැටෙන ලකුණු

කෙහෙළියට තවත් නඩුවක් වැටෙන ලකුණු

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඔහු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ එම අමාත්‍යංශය මගින් නිකුත්කර තිබූ නිල රථ දෙකක් ඔහුට අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව නැවත භාර නොදී අවභාවිත කරන බවට සිවිල් පුරවැසියෙක් කරන ලද පැමිණිල්ලක් මතයි එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

2022 වසරේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ඔහුට සහ කාර්ය මණ්ඩලයට භාර දී තිබූ වාහන කිහිපයක් 2023 වසරේ පරිසර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු එම අමාත්‍යාංශය යටතේ භාවිතා කර තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුම් දීම මත කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර තිබූ මෝටර් රථ පමණක් නැවත භාර දී ඇතත්, අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසු කෙහෙළිය රඹුක්වැල්ලට ලබා දී තිබූ නිල රථ දෙක භාර දී නොමැති බවටයි අනාවරණය වී ඇත්තේ.