විජයදාසට සහ කීර්ති උඩවත්තට වාරණ නියෝගයක්

විජයදාසට සහ කීර්ති උඩවත්තට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහතාගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වන වාරණ නියෝගයක්ද දිසා විනිසුරුවරයා නිකුත් කළේය.

මෙම වාරණ නියෝග ලබන 03 වෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.

Share This